තරුණියකගේ නිරුවත් ඡායාරූප ලීක් කළ තරුණයාට 500 දෙනෙක් එක්ව දුන් දඬුවම. - විසුරුවා හැරීමට පොලීසියෙන් වෙඩි.

Sri Lanka Police Jaffna Sri Lanka
By Wayomi Jun 29, 2023 04:17 AM GMT
Wayomi

Wayomi

Report

තරුණියකගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යට මුදා හැරියේ යැයි කියන සිද්ධියක් මුල් කරගනිමින් එම නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හළ බව කියන තරුණයාගේ නිවස වැටලූ පුවතක් අච්චුවේලී ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

එලෙස පන්සීයක ගෙන් පමණ සමන්විත පිරිසක් විසින් වටලාපහර දෙමින් සිටියදී පොලීසිය අහසට වෙඩි තබා දැඩි පරිශ්‍රමයක් දරා තත්ත්ව පාලනය කළ බවයි පොලිසිය කියා සිටියේ.

ප්‍රදේශවාසීන් පිරිසක් විසින් පහර දුන් අදාල තරුණයාද මුදාගෙන ඇති අතර පහර කෑමෙන් ඔහු තුවාල ලබා සිටි නිසා පොලිස් ආරක්ෂාව ඇතුව යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඇතිව තිබූ තත්වය පාලනය කිරීමට ගිය අවස්ථාවේ කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයකු පහරදීම නිසා උපපොලිස් පරීක්ෂකවරයකු ද තුවාල ලබා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් ගත කර ඇති බවත් වාර්තා වෙනවා.

දකුණු නිර්වේලි ප්‍රදේශයේ පිහිටි නිවසකට 500 දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් විසින් වටලා පහර දෙන බවට පොලිස් 119 හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත රාත්‍රී ජංගම සංචාරයේ නිරතව සිටි අච්චුවේලි පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස්තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කර තිබෙනවා.

කෙසේ වෙතත්, තත්වය පාලනය කරගත නොහැකි වූ නිසා තවත් විශේෂ පොලිස් කණ්ඩායමක් එහි ගෙන්වා ගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.