වයසක සහෝදරියන් දෙදෙනකුගේ කරාඹු යුගළ ගලවා ගල් කැට 03ක් අතට දුන් තරුණයා(PHOTOS) .

Police Sri Lanka Colombo Gossips Eyes hospital
By Aruna Dec 14, 2021 12:28 AM GMT
Aruna

Aruna

Report

කොළඹ අක්‍ෂි රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට ආ වයෝවෘද්දි සහෝදරියන් දෙදෙනකුගේ කරාඹු යුගළ තරුණයකු වංචාකාරී ලෙස රැගෙන ගොස් ඇතැයි වාර්තා වෙයි.

වයෝවෘද්ද මව්වරුන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇස් රෝහල තුළ රැදී සිටියදී ඔවුන් පිට පාරෙන් වෛද්‍යවරයාට යොමු කරන බවට පවසා රැගෙන ගොස් දුප්පත් යැයි වෛද්‍යවරයාට හැගවීම සඳහා කාරඹු ගලවන ලෙස උපදෙස් දුන් බව එම මවුවරුන් දෙපළ කියන්නිය.

එසේ ගැලවූ කරාබු යුගළ එම තරුණයා ලබාගෙන පසුව වෛද්‍යවරයාට ඉදිරිපත් කළ නොහැකි බව පවසා කරාඹු යැයි කඩදාසියක එතූ යමක් ලබාදී ඔහු ගොස් තිබේ.

කඩදාසිය දිගහැර බැලීමේදී එහි ගල්කැට තුනක් තිබූ බවත් ඒ පිළිබඳව රෝහල් පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී මරදාන පොලිසියට යන ලෙස පවසා ඇති බවත් වාර්තා වේ.

පාදුක්ක වග ප්‍රදේශයේ පදිංචිකාරියන් වන එම දෙපළ පොලිස් පැමිණිල්ලක් නොකරම නිවෙස බලා පිටත්ව ගොස් තිබේ.

කොළඹ අක්‍ෂි රෝහල් පරිශ්‍රය තුළ මීට පෙර ද මෙවැනි සිද්ධීන් වාර්තා වුවද ආරක්‍ෂක අංශ ඒ පිළිබඳව නිසි පියවර නොගැනී නිසා අඛණ්ඩව වංචාකරුවන්ගේ ග්‍රහණයට අහිංසක රෝගීන් නතුවන බව අක්‍ෂි රෝහලේ නිලධාරියෙක් පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery