ලොව උසම සුනඛයා දැක තිබෙනවා ද? - ලොවම හඬවමින් සියුස් දිවියට සමුදෙයි.. (PHOTOS)
ලොව උසම සුනඛයාට හිමි ලෝක වාර්තාව හිමි කරගෙන සිටි සියුස් පසුගිය අඟහරුවාදා මියගොස් තිබෙනවා.
ඒ බව ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කළේ ය.
සියුස් ග්‍රේට් ඩේන් වර්ගයට අයත් බලු පැටියෙකු වූ අතර අස්ථි පිළිකාවක් වැළඳීම හේතුවෙන් පසුගියදා ශල්‍ය කර්මයකට මුහුණ දුන්නේ ය.
එම සුනඛයා මෙලෙස මියගොස් ඇත්තේ එම ශල්‍ය කර්මයේ දී සියුස්ගේ ඉදිරිපස දකුණු කකුල ඉවත් කර ඇති අතර ශල්‍යකර්මයෙන් පසුව ඇති වූ නිව්මෝනියා තත්ත්වයක් හේතුවෙන් ය.
මිය යන විට සියුස්ගේ වයස අවුරුදු තුනක් බවත් ලබන නොවැම්බර් මාසයේ හතරවැනි උපන්දිනය සැමරීමට සියුස් සූදානමින් සිටි බවත් ස්කයි නිව්ස් පුවත් සේවය සඳහන් කළේ ය.
සියුස් ලොව උසම බල්ලාට හිමි ලෝක වාර්තාව 2022 වසරේ හිමි කරගෙන ඇති අතර උස අඩි 3 යි අඟල් 5.18 ක් වේ.
ටෙක්සාස් ප්‍රාන්තයේ බෙඩ්ෆෝර්ඩ් නගරයේ තම අයිතිකාරිනිය වූ බ්‍රිට්නි ඩේවිස් සමඟ ජීවත් වූ සියුස් ඇයගේ උකුලේම අවසන් හුස්ම හෙලූ බව ස්කයි නිවුස් පුවත් සේවය වාර්තා කළේ ය.





