මෙරටින් හමු වූ ලොව විශාලම මැණික් පොකුරට සිදු වූ දේ මෙන්න.

Sri Lanka
By Wayomi Jan 17, 2023 09:05 AM GMT
Wayomi

Wayomi

Report

මෙරටින් හමු වූ ලොව විශාලම කොරන්ඩම් මැණික් පොකුර යළි මෙරටට රැගෙනවිත් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සඳහන් කරනවා.

එය හමු වී තිබුණේ, රත්නපුර - පැල්මඩුල්ල ප්‍රදේශයෙන්.

එම මැණික අලෙවි කිරීම සඳහා ස්විට්සර්ලන්තය ඇතුළු රටවල් කිහිපයකට රැගෙන ගිය නමුත් එය අලෙවි නොවූ බවයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි විරාජ් ද සිල්වා කියා සිටියේ.

මීට පෙර මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ප්‍රකාශ කර තිබුණේ, කිලෝග්‍රෑම් 510ක පමණ බරකින් යුත් මෙම මැණික් පොකුර ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් නැතහොත් රුපියල් කෝටි 2,000කට අධික වටිකාමකින් යුක්ත බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW