තමන් ලිංගිකව හැසිරෙන දර්ශන වීඩියෝ කළ තරුණියක් මාට්ටු වෙයි..සීඩී දෙකකුත් ගහල..

Sri Lanka Police Sri Lanka India
By Aruna Oct 18, 2022 11:48 PM GMT
Aruna

Aruna

Report

ඉන්දීයාවේදී ව්‍යාපාරිකයකු සමග ලිංගිකව හැසිරෙන අතරතුර එය හොර රහසේ වීඩියෝ ගතකර පසුව එම ව්‍යාපාරිකයා බිය වද්දා රුපියල් ලක්ෂ 70 ක කප්පම් මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් කාන්තාවක් සහ එයට අනුබල දුන් බව කියන 45 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාළිගාවත්ත, ජුම්මා මස්තිස් පාරේ පදිංචි 33 හැවිරිදි කාන්තාවක සහ 45 හැවිරිදි පුද්ගලයකු බව විමර්ශන සිදුකළපොලිසිය කීය.

බේරුවල , එගොඩවත්ත ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.

සැකකාර කාන්තාව ඉන්දියාවේ දී පැමිණිලිකාර ව්‍යාපාරිකයා හදුනාගෙන ඇති අතර , එහිදී ඇතිවූ සම්බන්ධ කමක් මත අවස්ථා කිහිපයකදී හෝටල් කාමරයක් තුළදී ලිංගිකව හැසීරී එය සිය ජංගම දුරකථනයෙන් හොර රහසේ වීඩියෝ ගතකර ඇතැයි පොලිසිය කීය.

සැකකාරිය එම දර්ශන සීඩී තැටිවලට පටිගත කොට ව්‍යාපාරිකයාගේ පවුලේ සාමාජිකයන්ට පෙන්වන බවට බියවද්දා රුපියල් ලක්ෂ 70 ක කප්පම් මුදලක් ඉල්ලා ඇති අතර ඉන් බියට පත් බේරුවල ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 10 ක මුදලක් මේයට පෙර ලබාගෙන ඇතැයිද පොලිසිය කීය.

ඉතිරි මුදල ලබාගැනීම සදහා, සැකකාරිය හා එයට අනුබල දුන් පුද්ගලයා සමග මෝටර් රථයකින් කළුතර ප්‍රදේශයටපැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

තවදුරටත් ඔවුන් පරීක්ෂා කිරීමේදී දෙදෙනා ලිංගිකව හැසිරෙන දර්ශන ඇතුලත් සීඩී තැටි 2 ක් සහ ස්මාර්ට් ජංගම දුරකථනයක් සොයාගෙන ඔවුන් පැමිණි මොටර් රථයද භාරයට ගත්බව පොලිසිය පවසයි .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now