රට යළි අවදානමක.. මැයි මාසයේ මෙන් බරපතළ තත්ත්වයක්!!!මුලු රටම වහන්න වෙයිද??

Corona Sri Lanka Doctors Covid risk
By Aruna Jul 30, 2021 06:33 AM GMT
Aruna

Aruna

Report

කොරෝනා රෝගීන්ගේ යම් වැඩි වීමක් පෙනෙන්නට තිබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා පෙන්වා දෙනවා.

ඔහු මහජනතාවගෙන් ඉල්ලීමක් කරමින් වැඩිදුරටත් පවසා සිටින්නේ මේ තත්ත්වය සුළුවෙන් නොතකන ලෙසයි.

කාර්යාලවල මෙන්ම මෙරට පවතින සුපිරි වෙළෙඳසැල්වලද සෞඛ්‍ය නීති පිළිපැඳීමක් හරියාකාරව සිදු නොවන බවද විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා පෙන්වා දෙන්වා.

එම සියලු ස්ථානයන්වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් යළි ආරම්භ කරන ලෙසටද එහිදී ඒ මහතා විසින් පවසා තිබුණා.

මෙම කොරෝනා රෝගීන් ප්‍රමාණය ඉහළ යෑම සඳහා ඩෙල්ටා ප්‍රභේදය හේතුවක් නොවේ යැයි කිව නොහැකි බවද වැඩි වීමට හේතුව සොයාගෙන සෞඛ්‍ය අංශයන් විසින් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවද විශේෂඥ වෛද්‍යවරයා පවසා සිටියා.

මෙලෙස ආසාදිතයන්ගෙන් සංඛ්‍යාව යළිත් ඉහළ ගියහොත් පසුගිය මැයි මාසයේ මෙන් බරපතළ තත්ත්වයකට රට යළි ගමන් කරනු ඇති බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා අවධාරණය කර සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now