ඔංචිල්ලාවක ගෙළ සිරවී දැරියකට සිදුවූ අවාසනාවන්ත ඉරණම.

Accident Sri Lanka Wawniya
By Aruna Dec 19, 2021 06:43 AM GMT
Aruna

Aruna

Report

වව්නියාව අන්නානගර් ප්‍රදේශයේ නිවසක ඔංචිල්ලාවක් බැදි ලණුවක ගෙළ සිරවීමෙන් වයස අවුරුදු 4ක දැරියක් මියගොස් තිබේ.

පොලීසිය පැවසූවේ දැරිය ඔංචිල්ලාව පදිමින් සිටියදි ඇයගේ දෙමාපියන් වෙනත් කාර්යයක නිරතව සිට ඇති අතර එම අවස්ථාවේදී අනතුර සිදුව ඇති බවය.

මියගිය දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා වවුනියාව රෝහලේ තැන්පත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now