මාලිමා ආණ්ඩුවෙත් දේපල වංචාවක්ද?

Report

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ජන හමුවක් අමතමින් ප්‍රකාශ කර සිටියේ හොරකම වංචාව අල්ලස දුෂණය පෙරටත් වඩා අද වැඩි බවයි.

මාලිමා රජයේ අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන රජයේ අමාත්‍යවරයෙක් ලක්ෂ 600ක නිවසක් ලක්ෂ සීයක මුදලකට ලියාගෙන ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුර අදහස් ප්‍රකාශ කළේය.

එයට අනුව අයථා දේපළ උත්පාදන පනත යටතේ පළමු පැමිණිල්ල මෙම ආණ්ඩුවේ අමාත්‍යවරයකුට එරෙහිව ගොනු කරන බවද ඔහු පවසයි.

මේ කාර්ය සඳහා මුදල් ගෙවා ඇත්තේ වෙළඳ අමාත්‍යංශයට සම්බන්ධ ආයතනයක් බවත් ඔප්පුවට අත්සන් තැබීමටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ගොස් ඇති බවත් ඔහු චෝදනා කරයි. 

ඖෂධ ගැන අලුත්ම ආරංචියක්

ඖෂධ ගැන අලුත්ම ආරංචියක්