මරණයේ ආරංචිය ගෙනෙන උලමා හෙවත් යක් කුරුල්ලා

By Parami Dissanayake Jul 03, 2024 01:11 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

 උලලේනා” නැත්නම් “යක් කුරුල්ලා” හෙවත් “උලමා” ගැන අපේ ජන සමාජයේ විවිධ බියජනක කතාපුවත් පැතිර තිබෙනවා. විශේෂයෙන් රජරට වියළි කලාපයේ වනගත ගම්මානවල පුරාණයේ පටන් බහුල ව මේ කතන්දර හුවමාරු වුණා. අදටත් උලමා ගැන ඒ ගම්මානවල පැරැන්නන් කතා කරනවා මිනිසුන් කියන විදිහට උලමා කියන්නෙ ගම්මානවලට මරණය ගෙන එන සතෙක්. රාත්‍රීයේ උලමා ඇඩුවෙත් දවස් 7ක් ඇතුළත අනිවාර්යෙන්ම මරණයක් අහන්න වෙනවා ලු. අතීතයේ ජීවත් වූ ජනතාව උලමා හෙවත් යක් කුරුල්ලා යක්ෂණියක ගේ අවතාරයක් ලෙසයි සැලකුවේ. උලමෙකු ඇහින් දැකපු කෙනෙක් නම් හොයා ගැනීම ලේසි නැහැ. වැඩිපුර ම වාර්තා වෙන්නේ උගේ බියකරු මූසල හඬ අහපු අය ගැනයි. ඒ හඬ අහපු පමණින් බිය වී තොවිල් කරපු අවස්ථාත් පැරණි ගම්වල අහන්න ලැබුණා.

උලමා නැත්තන් උකුසු බකමූනා කියන්නෙ බොහොම අහින්සක පක්ශියෙක් ඒ වගේම මෙයා නිශාචර පක්ශියෙක් ඒ කියන්නෙ මෙයා එලියට එන්නෙ රෑට විතරයි ඒ නිසා මෙයාව දැකල තියන පිරිසත් බොහොම සුලු පිරිසක් තමයි අනෙක් කුරුල්ලන් සාපේක්ෂව මෙයා ටිකක් වෙනස් එකට හේතුව තමයි මෙයාගෙ ඇස් පිහිටල තියන ආකාරය, මුහුනේ හැඩය වැනි ලක්ශන. මෙයාගෙ මුහුනේ ඉදිරිපසට වෙන්නට තමයි මෙයාගෙ ඇස් පිහිටල තියෙන්නෙ අනෙක් කුරුල්ලන්ගෙ නම් සාමාන්‍යයෙන් ඔලුවෙ දෙපැත්තට තමයි ඇස් පිහිටලා තියෙන්නෙ. හැබැයි මෙයාගේ මේ පිහිටීම නිසා උලමට රාත්‍රී කාලයෙ හොදට ඇස් පේනවා ඒකට හේතුව තමා වැඩි ආලෝකයක් ලබා ගන්නට මෙයාගෙ ඇස් වලට හැකියාව තියනවා.

   පෙන්වා නේද? මෙයාට පිහිටල තියෙන්නෙ වක් වූ තියුනු හොටක් මේ නිසාම මෙයාට ඉතා හොදින් ගොදුර ඉරා ආහාරයට ගැනීමට පහසු වෙනවා. උල් නිය සහිත ශක්තිමත් පාද නිසා ගොදුර හොදින් අල්ලා ගැනීමටත් හැකියාව තියනවා. හිස මුදුනේ පිහාටුක් දිස්වෙන් අතරම මෙයා ජීවත් වීම සදහා ඉස්තීර බිමක් තොරා ගන්නවා ගොදුරු ලබා ගැනීමටත් සහකාරයෙක් හෝ සහකාරියක් සොයාගැනීමටත් කැදලි සාදා ගැනීමටත් මෙයා තෝර ගන්නෙ මේ ස්තීර බිමම තමයි. හරිට අපි වගේ. මෙයා සාමාන්‍යයෙන් මෙයාගෙ නිවස සාදා ගන්නෙ ගස් බෙන වල සහා පර්වත වල තියන පැලුම් වල. ආ.... මෙයා මාන්ශ බක්ශක පක්ශියෙක් කුරුල්ලන් උරගයන් ගෙම්බන් වවුලන් මීයන් කෘමීන් මෙයාගේ ප්‍රදාන ආහාරයයි. ඒ වගේ තමයි මෙන් මේ උකුසු බකමූනාට හතුරොත් ඉන්නවා. ඒ තමා සර්පයන් උගුඩුවන් බිලාල පවුලේ සාමාජිකයන් සහ උකුස්සන් වැනි අය .මෙයාව බොහෝ රටවල මන්තර කරුවන් තම සුරතලා ලෙස යොදා ගන්නවා. ඒ වගේම අරාබි ජාතිකයන් මිනිස් ආත්මයක් ලෙස සලකනවා.

  ඒකාලේ සමහර පළාත්වල ජීවත්වුණා අපේ ඈයෝ උලමා ගේ හඬ ඇසෙන දිසාව අනුව එයින් අත්වන ප්‍රතිඵල නිමිත්තක් සේ සලකා තිබෙනවා. උතුරින් ඇසුණොත් නෑදෑයන් පැමිණීම ද, දකුණින් නිකුත් වුණොත් මරණයක් ද, බටහිරින් නම් වැසි ලැබීම ද, නැගෙනහිරින් ධන ලාභ ද ලෙස එය වර්ග කර තිබෙනවා.

නමුත් උලමා කෑගහන එක ඉතාමත්ම දුර්ලභ දෙයක් බවයි කියවෙන්නේ. ජිම් කෝබට් නම් ලේඛකයා තමන්ගේ “Tales from the Indian jungles” කෘතියේ උලමුන් ගැන සඳහන් කරනවා. ඒ පොතේ තියෙන විදියට ඔහුට ජීවිත කාලෙට ම උලමා ගේ සද්දේ ඇහිලා තියෙන්නේ තුන් පාරක් වගේ අඩු වාර ගාණක්. ලංකාවේ ඉංග්‍රීසි පාලන කාලෙ හිටපු පක්ෂීන් ගැන උනන්දු විද්වතුන් ඩග්ලස් කෙලී බගවන්තලාව බංගලාවේ ඉන්න කලේ එක් රාත්‍රියක උලමා ගේ ළතෝනිය ඇසී තිබෙනවා. එය බෙල්ල තද කරමින් මරුමුවට පත්කරන ගැහැනියක ගේ හඬට සමානයි. ඔහු මිදුලට පාත්වූ ඒ පක්ෂියාට වෙඩි තබා තිබෙන අතර ඒ මහ බකමුණා (Forest eagle owl) යි. ප්‍රෙඩ්රික් ලුවිස් සඳහන් කරන්නේ ඒ වන බකමූණා (brown wood owl) බවයි.

ඔහු 1898 දී ඒ ගැන මෙසේ ලියා තිබෙනවා: එක් සඳපහන් රැයක මට අඩි කිහිපයක් ඉදිරියෙන් පිඹීමක් සමඟ කොක් හඬලා සිනාසෙන ශබ්දයක් ද අනතුරුව කෙඳිරිල්ලක් ද ඇසිණි. ඊට පසු දුකින් පිරුණු අඳෝනාවක් පිට විය. එය අවසන් වූයේ වේදනාත්මක කෑගැසීමකිනි. මට ඉහළින් වූයේ විශාල බකමූණෙකි. ඌ ශරීරය සොලවමින් ශබ්ද නගන සෑම විට ම පිහාටු පුම්බනු පෙනිණි.

(ලක්බිමේ තවත් යුගයක් – පරි. ප්‍රේමචන්ද්‍ර අල්විස්). තුල එකල ලංකාවේ හිටපු තවත් වැවිලිකරුවකුට ආර්. එල්. ස්පිට්ල් ලියපු විදිහට ඔවුට දිනක් උලමෙජුගේ ශබ්දය ඇසීමෙන් අනතුරුව පසු දින ඒ ගමේ ගම්මුලාදෑනියා අහන්න ලැබිල තියෙන්නේ ඊයේ රෑ අපේ ගමේ කාන්තාවක් දරුවකු ලැබෙන්න ගොස් මළා. ඇගේ ආත්මය නිසැකයෙන් ම උලමකු වෙලා උපදින්න ඇති. උලමකු හඬනවා මීට පසු ඇසුණොත් ඒ ස්ථිරව ම විලිරුදාවෙන මළ ගැහැනියකගේ ආත්මට බව තේරුම් ගන්න. නාදය ඇසුණු විගසම බිම වැතිරි ගන්න