මිය ගිය මවගේ මළ සිරුරත් එක්ක මාස 03ක් පුතෙක් ජීවත් වෙලා.. සොයා ගද්දිත් මවගේ අස්ථි කොටස් විතරයි තිබිලා තියෙන්නෙ..

India Death Latest Headlines Decision Making
By krishani Oct 23, 2024 02:17 PM GMT
krishani

krishani

Report

මිය ගිය තම මවගේ මළ සිරුරත් සමඟ මාස තුනක පමණ කාල‍යක් ජීවත් වූ පුතෙකු පිළිබඳ පුවතක් වාර්තා වෙනවා.

ඒ ඉන්දියාවේ ගුවහාටි ප්‍රාන්තයෙන් ය.

පසුගිය ඔක්තෝබර් 20 වැනිදා නිවසක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් සිටියේ වයස අවුරුදු 75ක් වන පූර්ණිමා දේවි නමැති වයෝවෘද්ධ කාන්තාවක් ය.

අයාලේ යමින් සිටි සුනඛයෙකු කාර්යාලයකට ගොඩ වෙලා.. කරපු ගිනි විජ්ජුම්බරයක්..

අයාලේ යමින් සිටි සුනඛයෙකු කාර්යාලයකට ගොඩ වෙලා.. කරපු ගිනි විජ්ජුම්බරයක්..


විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අදාළ මෘත ශරීරය සොයා ගන්නා විටත් කාන්තාවකගේ අස්ථි කොටස් පමණක් ඉතිරිව තිබූ බවයි.

අදාළ කාන්තාව සිය පුතා සමඟ එම නිවසේ වාසය කර ඇති අතර ඔහු මානසික ආබාධයකින් පෙළෙන තරුණයෙක් බව සඳහන් වේ.

එම තරුණයා නිවසට කිසිවෙකුටත් ඇතුළු වීමට ඉඩ නොදීමත් සමග ඇති වූ සැකය නිසා අසල්වාසීන් විසින් පොලිසියට දැනුම්දීමක් කර තිබෙනවා.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න බැරි නම් වෙන් කළ මුදල්වලට මොකද වුණේ?.

රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න බැරි නම් වෙන් කළ මුදල්වලට මොකද වුණේ?.


ඒ අනුව පොලිසිය පැමිණ මෙම කාන්තාවගේ මළ සිරුර සොයා ගත් බව වාර්තා වේ.

කෙසේ වෙතත්, ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අධිකරණය විසින් වෛද්‍ය පරීක්ෂණයක් පැවැත් වේ.