පදික මාරුවේදිම කාන්තාවක් යට කළ රියදුරා...
පදික හරහා මාරු වෙමින් සිටි බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක් පෞද්ගලික බස් රථයකකට යටවීමෙන් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙම අනතුරට මුහුණ දී ඇත්තේ, අදාළ කාන්තාව පමුණුව ප්‍රදේශයෙන් රෙදිපිළි මිලදී ගෙන බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත යාම සඳහා මාර්ගයේ තිබූ පදික මාරුව හරහා ගමන් කරමින් සිටියදීය.
පොලීසිය පවසන්නේ, බස් රථ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව වූ බවයි.අනතුර සම්බන්ධව බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.
එහිදි බස් රථ රියදුරු එළැඹෙන 06 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. සිද්ධිය සම්බන්ධව මහරගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
..........................................................................................
You May Like This Video👇