හදිසියේ මුහුද ගොඩ ගලයි..රථවාහන ධාවනයට දැඩි බාධා..අවධානයෙන් සිටින්න.
ගාලු පාරේ තෙල්වත්ත කහව සහ ගොඩගම ප්‍රදේශයන්හි ගාලුපාරට මුහුදු රළ ගොඩ ගැලීමක් ඊයේ දිනයේ සිදුව තිබිණි.
නිරිත දිග මුහුදු තීරයේ මේ දිනවල පවතින දැඩි රළු ස්වභාවය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.
මුහුදු රළ ගාලුපාරට පැමිණීමත් සමග අවස්ථා කිහිපයකදීම ගමනාගමනයටද බාධා ඇති වූ බව වාර්තා වෙයි.
මේ අතර බලන්ගොඩ සමනලවත්ත මාර්ගයේ මස්සැන්න (ඔත්තේ කඩේ වංගුව) ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්වී තිබේ.
මේ හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ලවී ඇත.
පවතින අවදානම හේතුවෙන් එම මාර්ගයේ ධාවනය වූ බස් රථය තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබේ.
පැවති අධික වර්ෂාවත් සමග නායයෑම සිදුවී ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.
නායයෑම සිදුවී ඇති ස්ථානයට පහළින් නිවාස 15ක් පමණ පවතින අතර තවදුරටත් නායයෑමක් සිදුවුවහොත් එම නිවාසවලට බරපතළ හානි සිදුවිය හැකි බව ප්‍රදේශවාසීන් පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |