ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආබාධවලට ඇත්තම හේතුව හෙළි වෙයි.? - "වන්ෂොට්" ගැන එළියට අනාවරණය මෙන්න.

Cricket Sri Lanka Cricket Sri Lanka Dayasiri Jayasekara
By Wayomi Nov 15, 2023 12:36 PM GMT
Wayomi

Wayomi

Report

 ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආබාධවලට ඇත්තම හේතුව හෙළි වෙයි.? - "වන්ෂොට්" ගැන එළියට අනාවරණය මෙන්න.

ඊයේ (14) COPE කමිටුව හමුවේ අදහස් දක්වමින් දයාසිරි ජයසේකර කියා සිටියේ ,ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ආබාධවලට හේතුව එහි සිටින එක් වෛද්‍යවරයෙකු විසින් ලබාදෙන ඖෂධ බවයි.

ඔහු පවසන්නේ එම වෛද්‍යවරයා වෘත්තිමය වශයෙන් ක්‍රීඩා වෛද්‍යවරයෙකු නොවන අතර ක්‍රීඩකයින්ගේ ආබාධ තවදුරටත් වර්ධනය වී ඇත්තේ ඔහු ලබාදෙන ඖෂධ වල අතුරු ;ප්‍රතිඵල බවයි.

ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ, බිනුර ප්‍රනාන්දු නම් ක්‍රීඩාකයාට වසර 7ක් තුළ කකුළේ අමාරුවක් සඳහා ප්‍රතිකාර කර තිබුණ ද ඔහුගේ ආබාධය තිබී ඇත්තේ කොන්දේ බවයි.

අදාළ වෛද්‍යවරයා වන්ෂොට් යන අන්වර්ථ නාමයකින් හැඳින්වෙන බවත් ඔහු ලබාදෙන වේදනා නාශකවල අතුරු ප්‍රතිවිපාක ලෙස ආබාධ මතුවන බවත් ඔහු තව දුරටත් අවධාරණය කරනවා.

එමෙන්ම ඔහු COPE කමිටුව හමුවේදී ඔහු ප්‍රශ්න කර සිටියේ, ලක්ෂ ගණනින් වියදම් කරමින් මෙවැනි වෛද්‍යවරු තවමත් තබාගෙන සිටින්නේ කුමන හේතුවක් නිසාද යන්න පිළිබදවයි.

ReeCha