දුඹුරු සීනි මිලත් වෙනස් වෙයි. - ලංකාවේ ඒවාට වැඩි බදු ගහලා ආනයනික ඒවාට අඩු බද්දක් ගහලා නටන නාඩගමක්.

Sri Lanka Economic Crisis Government Of Sri Lanka
By Wayomi Jan 10, 2024 06:22 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (09 ) වනවිට වෙළෙඳපොළේ දුඹුරු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 415 දක්වා වැඩි වී තිබෙනවා.

ඒ, වැට් බද්ද 18%කින් ඉහළ යාම හේතුවෙන්.

දුඹුරු සීනි පැල්වත්ත හා සෙවණගල සීනි කර්මාන්තශාලා වලින් පමණක් නිෂ්පාදනය කරන අතර ඊයේ (09) පැවැති ටෙන්ඩරයකින් පසු සීනි කිලෝග්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් 322ටයි.

දුඹුරු සීනි මිලත් වෙනස් වෙයි. - ලංකාවේ ඒවාට වැඩි බදු ගහලා ආනයනික ඒවාට අඩු බද්දක් ගහලා නටන නාඩගමක්. | The Price Of Brown Sugar Also Varies

එම ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ,වැට් බද්ද (18%) හා සමාජ ආරක්ෂණ බද්ද 2.6%ක් එකතු වීමෙන් පසු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 390 ඉක්මවා ඇති බවයි.

කෙසේ වෙතත් ඔවුන් ඊට සිය ලාභය ද එකතු කළ පසු දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් අලෙවි කෙරෙන්නේ රුපියල් 415ක මිලටයි.

එමෙන්ම ආනයනික සුදු සීනි කිලෝග්‍රෑමයක් වෙළෙඳපොලේ අලෙවි වන්නේ රුපියල් 265 මිලකට වන අතර එම සීනි සඳහා පනවා ඇතතේ රුපියල් 50ක ආනයනික බද්දක් පමණයි.

ඒ අනුව දුඹුරු සීනි වලට වඩා ආනයනික සුදු සීනි කිලෝග්‍රෑමක මිල රුපියල් 150කින් පමණ අඩු බව වෙළෙන්දන් පවසනවා.


                                                                                     Sponsored By Sarrita Jewellery

දුඹුරු සීනි මිලත් වෙනස් වෙයි. - ලංකාවේ ඒවාට වැඩි බදු ගහලා ආනයනික ඒවාට අඩු බද්දක් ගහලා නටන නාඩගමක්. | The Price Of Brown Sugar Also Varies