නව ජනපති මහ බැංකු අධිපතිත් හමු වේ..

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

"දුප්පත් ජනතාව ගැන නිතර සිතමින් කටයුතු කරගෙන යන්න" කාදිනල් හිමිපාණන් නව ජනපතිගෙන් ඉල්ලයි ..(VIDEO/PHOTOS)

"දුප්පත් ජනතාව ගැන නිතර සිතමින් කටයුතු කරගෙන යන්න" කාදිනල් හිමිපාණන් නව ජනපතිගෙන් ඉල්ලයි ..(VIDEO/PHOTOS)

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මෙම සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාද එක්වූ බවය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (24) පස්වරුවේ පැවති මෙම සාකච්ඡාවේදී රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

මුස්ලිම් ජනතාවගේ උණුසුම් පිළිගැනීම් මතින් ජනපති දවටගහ මුස්ලිම් පල්ලියේ සංචාරයක ..(VIDEO/PHOTOS)

මුස්ලිම් ජනතාවගේ උණුසුම් පිළිගැනීම් මතින් ජනපති දවටගහ මුස්ලිම් පල්ලියේ සංචාරයක ..(VIDEO/PHOTOS)

එමෙන්ම ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාමාර්ග සහ රටේ ආර්ථිකයට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.