නාවික හමුදා භාරයෙන් සැකකරුවෙකු පළායයි..
දකුණු මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය පාර්සල් 130ක් සමග නාවික හමුදා භාරයට ගත් බෝට්ටුවේ හිමිකරු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය වාර්තා කර තිබේ .
එම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 130කට අධික වන අතර දකුණු මුහුදු තීරයට නාවික සැතපුම් 400ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී සැක කටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් පරීක්ෂා කර තිබුණි.
කෙසේවෙතත් එහිදී අදාළ ධීවර යාත්‍රාවේ තිබී සැකකටයුතු කිසිවක් ආරක්ෂක අංශ වෙත සොයාගැනීමට හැකිවී නොමැති අතර නමුත් ධීවර යාත්‍රාවේ සැක සහිත ලෙස ෆයිබර් භාවිතයෙන් සකසා තිබූ ස්ථාන කිහිපයක් පිළිබඳව විමර්ශන නිලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.
නාවික හමුදාව පැවසුවේ අදාළ ධිවර යාත්‍රව ජුනි 14 දින රාත්‍රියේ ගාලු වරායට ගෙනැවිත් ස්කෑන් පරීක්ෂාවක් සිදුකළ අවස්ථාවේදී එකී "ඉඳුනිල් 6" නම් එම යාත්‍රාවේ ඉදිරිපස කොටසේ ෆයිබර් දමා සීල් කළ කොටසක තිබූ සැක කටයුතු පාර්සල් තොගයක් නිරීක්ෂණය වී තිබුණි .
අනතුරුව අත්අඩංගුවට ගත් ධීවරයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත්තේ, ජාත්‍යන්තර මුහුදු සීමාවේදී පැමිණි විශාල නෞකාවකින් තමන්ට අදාළ පර්සල් තොගය ලබාදුන් බවයි.
ඔවුන් සමග සිටි අයෙක් ෆයිබර් බෝට්ටු සකසන්නෙකු වන අතර පසුව ඔහු විසින් එම පාර්සල් තොගය ධීවර යාත්‍රාවේ ඉදිරිපස කොටසට දමා ෆයිබර් ආශ්‍රයෙන් සීල් තැබූ බව ද සැකකරුවන් පවසා තිබේ.
සැකකරුවන් පසුගිය මස 15 වනදා දෙවුන්දරින් මුහුදු ගොස් ඇති අතර බෝට්ටු ස්කිපර්වරයා විසින් එම ගමන සැලසුම් කර ඇති අතර ඔහුව මෙහෙයවා ඇත්තේ "අයියා" නම් හඳුන්වන පුද්ගලයෙක් විසිනි.
ඔහු දුරකථන මාර්ගයෙන් සම්බන්ධවී අදාළ ධිවර යාත්‍රාව හා සැටලයිට් දුරකථනයක් ලබාදී ඇති බව සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පවසා ඇත.
සැකකරුවන් ගන්දර සහ දෙවුන්දර ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන්ට මූලික ගෙවීම ලෙස රුපියල් 20,000ත් 40,000ත් අතර මුදලක් ලබාදී ඇති බව වාර්තාවේ . 
 
                 
                     
                                             
         
     
     
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
         
        