මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 150 ඉක්මවයි...
Election Commission of Sri Lanka
Sri Lanka
Election
By Parami Dissanayake
ජනාධිපතිවරණයට අදාලව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 150 සීමාව ඉක්මවා ඉහළ ගොස් ඇත.
ඒ අනුව, මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි 157ක් කොමිසම වෙත ලැබී ඇත.
නමුත්, ඉන් වැඩි ප්‍රමාණයක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති බවත් එම සංඛ්‍යාව 154ක් බවත් මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, අද (08) පස්වරු 4.30න් අවසන් වූ පැය 24ක කාලය සඳහා ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 20කි.
