මෝචරිය පිරිලා.. ටයර් දමා සමූහ ආදාහනයට සැරසේ...?

hospital panadura moratuwa mortuary nandhana gunathilaka
By Sewvandhi Aug 18, 2021 10:02 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පානදුර මූලික රෝහලේ කොරෝනා ආසාදිතයන්ගේ මෘත දේහවල සීඝ්‍ර වලින් වීමක් දක්නට ඇති බැවින් එම මෘත දේහයන් සමූහ වශයෙන් ආදාහනය කිරීමට අවධානය යොමු වී ඇතැයි පානදුර නගර සභාපති නන්දන ගුණතිලක මහතා පැවසීය.

ටයර් දමා දර සෑයවල්හි මෘත දේහයන් ආදාහනය කළ යුතු තත්වයක් මේ වනවිට උද්ගතවී ඇතැයි නගරාධිපතිවරයා කියා සිටී. සුසාන භුමිවල එළිමහනේ තාවකාලික ආදාහනාගාර ස්ථාපිත කර මෙම මෘත දේහයන් ආදාහනයට සැලසුමක් කර තිබුණත් ඒ සඳහා අධික මුදලක් වැය කිරීමට පළාත් පාලන ආයතනවලට සිදුවනු ඇතැයි ද පැවසේ.

පානදුර නගර සීමාවට පවතින්නේ එකම ආදාහනාගාරයක් බැවින් එහි දිනකට උපරිමයෙන් ආදාහනය කළ හැක්කේ මෘත දේහයන් 3ක් පමණයි. එබැවින් අවස්ථානුකුලව ගොරකාන, මොරටුව, වාද්දුව ඇතුළු අවට ප්‍රදේශයන්හි ආදාහනාගාර වෙත යැවීමට කටයුතු කෙරේ.

එහෙත් දිනෙන් දින වැඩිවන කොවිඩ් මරණ හේතුවෙන් ආදාහනාගරයන්හි දැඩි තදබදයක් මතුව ඇති බව නගරාධිපතිවරයා පෙන්වා දෙයි. මෙම කොවිඩ් මෘතදේහ වෙනත් ප්‍රදේශවල භූමදානය කිරීමට රජයෙන් ඉල්ලීමක් කිරීමට අදහස් කර තිබුණත් එම ප්‍රදේශයන්හි මහජන විරෝධතා මතුවිය හැකි බැවින් එය එසේ කළ නොහැකි බව පානදුර නගරාධිපති නන්දන ගුණතිලක වැඩිදුරටත් පැවසීය.

පානදුර මුලික රෝහලේ වෛද්‍යවරයකු සඳහන් කළේ රෝහල් මෘතශරීරාගාරයේ මළසිරුරු තැන්පත් කිරීමේ ධාරිතාවය 37ක් පමණ වුවත් දැනට කොවිඩ් ආසාදිත මළ සිරුරු 50කට ආසන්න සංඛ්‍යාවක් ඇති බවයි.

මේ අතර,ගම්පහ නගර සභා බල ප්‍රදේශය තුළ පදිංචි කොරෝනාවෛරසය අසාදිතව මිය යන රෝගීන්ගේ ආදාහන කටයුතු නොමිලේ සිදු කිරීමට සඳහා ගෙන ආ යෝජනාවක් ඊයේ (අගෝස්තු 17) පැවති ගම්පහ මහා නගර සභා රැස්වීමේදී සම්මත විය.

සූම් තාක්ෂනය ඔස්සේ පැවති රැස්වීමේදී මෙම යෝජනාව සම්මත වීමෙන් අනතුරුව අදාළ බලධාරීන් දැනුවත්කොට නොමිලේ ආදාහන කටයුතු සිදු කිරීම ආරම්භ විය.

එමෙන් ම පුරපතිවරයාගේ මෙම යෝජනාව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් සම්මත කරන ලදී. ගම්පහින් පිට ප්‍රදේශවල පදිංචි එහෙත් ගම්පහ රෝහලේදී මිය යන රෝගීන් සඳහා ද මෙසේ නොමිලේ අදාහන කටයුතු සිදු කිරීමට හැකි අයුරින් යෝජනාව සංශෝධනය කිරීමට ද යෝජනා වී තිබේ.

මේ වන විට ආදාහන 146 පමණ සිදුකර ඇතත් එක කොවිඩ් මරණයක් පමණක් නොමිලේ ආදාහනය සිදුකර ඇති අතර මෙම යෝජනාව සම්මත වීමෙන් අනතුරුව ගම්පහ ප්‍රදේශයේ සියලු කොවිඩ් මරණ ආදාහනයන් නොමිලේ සිදු කරන බව පුරපතිවරයා ප්‍රකාශ කර ඇත.

 -- - - - - - -- - - - -- - - - - - - - - - - - - - - - - 

WHO හරහා අපට විශාල මුදල් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now