අතුරුදන් වූ කොලොන්නේ ව්‍යාපාරිකයා සැඟව සිටිය දී අත්අඩංගුවට ගනී - හේතුව ඔහුම පොලිසියට කියයි..
Police spokesman
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Police Investigation
By krishani
අතුරුදන් වී ඇති බවට වාර්තා වූ කොලොන්න - නෑදොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා ඊයේ (18) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මිරිහාන පොලීසිය විසින් ය.
මිරිහාන පොලිසියට දුරකථන ඇමතුමකින් වාර්තා වූයේ අතුරුදහන් වූ බව කියන ව්‍යාපාරිකයා මිරිහාන ප්‍රදේශයේ සිය මිතුරෙකුගේ නිවසේ සැඟ වී සිටින බවයි.
ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිසිය අදාල නිවසට පැමිණෙන විට අතුරුදහන් වූ බව කියන පුද්ගලයා එම නිවසේ සැඟව සිටිය දී පොලිසියට හමු වී තිබෙනවා.
ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුට නවාතැන් දුන් ඔහුගේ මිතුරා ද අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේ වෙතත්, එහිදී පොලිසියට ඔහු පවසා ඇත්තේ ණයකරුවන්ගෙන් බේරීම සඳහා ඔහු මෙසේ තමා අතුරුදන් වී ඇති බව මවා පාමින් සැඟව සිට ඇති බවයි.
