පොලිස්පති සියල්ල අකුලාගෙන යයි.
Sri Lanka Police
Sri Lanka
Government Of Sri Lanka
By Wayomi
පොලිස්පති සී.ඩි. වික්‍රමරත්න මහතා ඉකුත් 26 වැනි දා සිට සිය ධූරකාලය අවසන් වී විශ්‍රාම යාම හේතුවෙන් පොලිස්පති නිල කාමරයේ සියලු බඩු බාහිරාදිය ඉවත් කරගෙන ගොස් ඇති බව පොලිස් මූලස්ථානය ආරංචි මාර්ග පවසනවා.
පොලිස්පති ඉකුත් 26 වැනි දා සිට සිය කාර්යාලයට පැමිණ නැති අතර කිසිදු ලේඛනයකට අනුමැතිය ලබා ගැනීමට සහ රාජකාරි සහ රාජකාරි වෙනුවෙන් උපදෙස් ලබාදීමට පොලිස්පතිවරයකු නොමැති වීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතුවලට බාධා එල්ල වී ඇති බවට ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරනවා.