ඩොලරය තවත් ඉහල යයි...
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත වාර්තාව නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අද (15) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 322.58ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 332.98ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල ගණන් මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක දක්වා තිබුණේ මෙලෙසින්.
? මහජන බැංකුව රු. 322.17 සහ රු. 333.39ක් ලෙස ගැණුම් විකුණුම් මිල දක්වනවා.
? කොමර්ෂල් බැංකුවේ ගැණුම් මිල රු. 321.75 වන අතර රු. 332.00 විකුණුම් මිල සටහන් වනවා.
? හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 323.00 - රු. 332.00 ලෙස ගැණුම් සහ විකුණුම් මිල දක්වනවා.
? සෙලාන් බැංකුව රු. 320.00 ක් ලෙස ගැණුම් මිල සටහන් කරන අතර රු. 332.00ක් ලෙස විකුණුම් මිල සටහන් වනවා.
? ඩී.එෆ්.සී.සී. (DFCC) රු.322.00 ක් සහ රු. 334.00ක් ලෙස ගැණුම් හා විකුණුම් මිල දක්වනවා.
? එන්.ඩී.බී. (NDB) තම ගැණුම් මිල රු. 320.00ක් ලෙසත් විකුණුම් මිල රු. 333.00ක් ලෙසත් දක්වනවා.
? අමානා බැංකුව රු. 325.25 - රු.331.25ක් ලෙස ගැණුම් හා විකුණුම් මිල දක්වනවා.
? ලංකා බැංකුව රු. 324.50 ගැණුම් මිල ලෙසත් රු. 332.75 විකුණුම් මිල ලෙසත් දක්වනවා.
