දේශයේ ණය බර තවත් අධික වෙයි – ගෙවිය යුතු මුදල ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව, 2025 ජනවාරි මාසය වන විට රජය විසින් ගෙවිය යුතු දේශීය හා විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 29,134.5 දක්වා ඉහළ ගොස් ඇත.
2024 වර්ෂය අවසානයේ ගෙවීමට තිබූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 28,738.7ක් වූ අතර, 2025 ජනවාරි මාසය වන විට එම ණය ප්‍රමාණය රුපියල් බිලියන 395.8කින් වැඩි වී ඇත.
2025 ජනවාරි මාසය අවසන් වන විට රජය විසින් ගෙවිය යුතු දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 18,512.4ක් වන අතර, විදේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 10,622.1ක් බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.