ගුරුවරු වැඩවර්ජනයකට සූදානම් - ඉදිරි සතියේ පාසල් ක්‍රියාවිරහිත වෙයිද? [VIDEO]
ගුරු පත්වීම් ලබාදීම පිළිබඳ ව ඇති වී තිබෙන අර්බුදය ගැන සාකච්ඡා කිරීමට හෙට (14) අග්‍රාමාත්‍ය ආචාර්‍යය හරිනි අමරසූරිය මෙනවිය සමග සාකච්ඡාවක් පවත්වන බව ලංකා ගුරු සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ හෙට පැවැත්වෙන සාකච්ඡාවේ දී විසඳුමක් නොලැබුණහොත් එළඹෙන සතියේ සිට වැඩ වර්ජනයකට අවතීර්ණ වන බවයි.
ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය මගින් අද (13) දින පවත්වනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුව මෙම ප්‍රකාශය නිකුත් කෙරුණා.
ජාතික ජන බලවේග රජයක් පත් කළේ සැමට සාධාරණත්වයෙන් යුත් අධ්‍යාපනයක් රට තුළ නිර්මාණය කිරීමට මිසක් අසාධාරණ අධ්‍යාපනයක් බිහි කරලීමට නොවන බවත් ලංකා ගුරු සංගමය චෝදනා කරනවා.