කැඩුණු කන්‍යා පටලය නැවත සාදන කපුවා සුරූපී තරුණියක් හෝටලයකට රැගෙන ගොස් කළ වැඩේ..නිරුවත්ව සියල්ල වීඩියෝ කරල..
දේවාරූඪයෙන් පවුලේ සුබසිද්ධිය සකසා අඳුනක බලයෙන් කන්‍යාභාවය සාදා දෙන බවට 22 හැවිරිදි තරුණියක්ව රවටා ඇගේ නිරුවත් වීඩියෝ දර්ශන ලබාගෙන එම වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට බිය ගන්වා තරුණියව පිරිමින් හට අලෙවි කරමින් ජාවාරම් කිරීමේ චෝදනා මත රිමාන්ඩ් භාරයේ පසුවන ව්‍යාජ කපුවෙකුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මිනුවන්ගොඩ දිසා විනිසුරු හේෂාන්ත ද මෙල් මහතා සැකකරුව ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙසට නියම කර තිබෙනවා.
වාරියපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 52 හැවිරිදි දෙදරු පියෙකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණු බවයි පැවසෙන්නේ. තරුණිය රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මව විසින් පියාට විරුද්ධව වාරියපොල අධිකරණය හමුවේ පවරා ඇති නඩත්තු නඩුවකට සහභාගිවීම සඳහා තරුණිය මව සමග වාරියපොල අධිකරණය වෙත පැමිණ ඇති බවයි පොලිසිය පවසන්නේ.
අධිකරණ භූමියේදී මව සහ සැකකරු හිතවත් වී ඇති අතර, දේවාරූඪයෙන් පවුල් ආරවුල් විසඳන බවත්, අදුනක බලයෙන් තරුණියන්ගේ නැතිවූ කන්‍යා පටලය සකසන බවත් සැකකරු තරුණියගේ මවට පවසා ඇත.
තම 22 හැවිරිදි දියණියට තරුණයකුගෙන් අතවරයක් වී ඇති බව මව සැකකරුට පවසා තිබේ.
සැකකරු මවගෙන් දියණියගේ ජංගම දුරකථන අංකය ඉල්ලා ගෙන ඇති අතර, පසුව සැකකරු තරුණියට ඇමතුමක් ලබා දී තොරතුරු විමසා තිබේ.
අදුනේ බලයෙන් කන්‍යාපටලය සැකසීමට නිරුවත් වීඩියෝ දර්ශනයක් අවශ්‍ය බව සැකකරු තරුණියට පවසා ඇතත් තරුණිය ඊට කැමැත්ත පළ කර නැති බවයි පැවසෙන්නේ.
ඇමතුම ලබාගන්නේ දේවාරූඪයෙන් බවත් කරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කළහොත් ඇයට සහ පවුලේ අයට කරදර වන බව පවසමින් සැකකරු තරුණියව බියවද්දා ඇති බවයි පොලිසිය කියා සිටියේ.
සැකකරු තරුණියගේ නිරුවත් වීඩියෝ දර්ශන සැකකරුගේ ජංගම දුරකථනයට ගෙන්නා ගැනීමෙන් අනතුරුව තරුණියට සුදුසු රැකියාවක් ඇති බව පවසා තිබේ.
පොලිසිය පවසා සිටියේ, රැකියාවේ සම්මුඛ පරීක්ෂණයට යෑම සඳහා යැයි පවසා තරුණිය ගෙන්වා ගෙන ඇති සැකකරු ගිරිඋල්ල ප්‍රදේශයේ හෝටලයක් වෙත රැගෙන ගොස් බියගන්වා අතවර කර තරුණියගේ තවතවත් නිරුවත් වීඩියෝ දර්ශන ලබාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට බිය ගන්වමින් දිවුලපිටිය, වැවගෙදර ප්‍රදේශයේ ස්ථානයක් කුලියට ගෙන තරුණියව පිරිමින්ට මුදලට අලෙවි කරමින් සිටියදී දිවුලපිටිය පොලිසිය මගින් එම තරුණියව සහ සැකකරුව අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව තරුණිය ඉහත තොරතුරු පොලිසිය වෙත පවසා තිබේ.
තරුණියව මීගමුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝග මත තරුණියගේ මව වෙත තරුණියව භාරදීමට පොලිසිය කටයුතු කර ඇත.
