අලුත් වර්ගයේ දුරකථනයක් බව සිතා - ඇමතුම් ගන්න අංක ඔබද්දී බස් ටිකට් පිටවෙලා.

Sri Lanka Police Srilanka Bus
By Wayomi Jan 05, 2024 07:08 AM GMT
Wayomi

Wayomi

Report

ලංගම බස් රථයක් තුළදී කොන්දොස්තරවරයාගේ ටිකට් මැෂිමක් සොරකම් කළ කාන්තාවක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇප මත මුදාහැර තිබෙනවා.

ඇයව ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හැරීමටයි ගාල්ල මහේස්ත්‍රාත් ලක්මිණී විදානගමගේ නියෝග කර තිබුණේ.

අදාල 71 හැවිරිදි කාන්තාව පසුගිය දිනෙක නිවස බලා යාමට ලංගම බස් රථයකට ගොඩ වී ඇති අතර එහිදී කොන්දොස්තරගේ ටිකට් මැෂිම අසුනක් මත තිබියදී සොරාගෙන තිබුණා.

අලුත් වර්ගයේ දුරකථනයක් බව සිතා - ඇමතුම් ගන්න අංක ඔබද්දී බස් ටිකට් පිටවෙලා. | The Conductor S Ticket Machine Is Stolen

අනතුරුව ඇය දුරකථනයෙන් ඇමතුම් ගැනීම සඳහා අංක ඔබා ඇති අතර ඇමතුම් වෙනුවට බස් ටිකට්පත් පිටවී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව මෙය දුරකථනයක් නොව ටිකට්පත් මැෂිමක් බව දැනගත් මෙම කාන්තාව අදාළ ටිකට් මැෂිම ගාල්ල බස් නැවතුම්පොළේ නිලධාරියෙකුට භාර දී තිබෙනවා.

ජංගම දුරකතනයක් යැයි සිතා ඇය ටිකට්පත් මැෂිම සොරකම් කර ඇති අතර පසුව ඇයව අත්අඩංගුවට ගත් ඉමදුව පොලිසිය විසින් ඇයව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.  

                                                          Sponsored By Sarrita Jewellery


ReeCha