ස්පා කත බිහිකෙරූ දරුවා රෝහලෙ කාණුවේ හිර කර ඝාතනය කරයි

Report

පුත්තලම මූලික රෝහලේ කාන්තා වාට්ටුවක නාන කාමරයක කානුවක සිරව මිය ගොස් සිටි බිළිදෙකුගේ මළ සිරුරක් හමුව ඇති බවත් එම සිද්දියට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණ කාන්තාවක් අත් අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය 20 දින පැවසිය.

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්

මහජන බැංකුවෙන් සිය පාරිභෝගිකයන්ට විශේෂ දැනුම් දීමක්

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගරයෙ ස්පා සම්බාහන මධ්‍යස්ථානයක රැකියාව කල කල්පිටිය ආණවාසල පදිංචි 27 හැවිරිදි මේරි විනෝදනී පිරිස් ප්‍රනාන්දු නැමති තරුණ කාන්තාවක් බව කියයි. අදාල තරුණ කාන්තාව පුත්තලම මූලික රෝහලේ කාන්තා වාට්ටුවට නේවාසික ප්‍රතිකාර සදහා මෙලෙස නැවති සිටියදී කිසිවකුටත් රහසේ බිළිදා බිහි කර ඇති බවත් එම පසුව කාන්තා නාන කාමරයෙ කානුවක බිළිදා දමා ගොස් ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය සිදුකල මූලික විමර්ශන වලදි අනාවර්නය වී ඇත.

තෙල් මිල වැඩි වෙන එක නතර කරන්න බෑ, අපිත් යුද්ධෙට මැදිහත් වෙන්න ඕනේ

තෙල් මිල වැඩි වෙන එක නතර කරන්න බෑ, අපිත් යුද්ධෙට මැදිහත් වෙන්න ඕනේ

කෙසේ නමුත් මෙම කාන්තාවගේ හැසිරීම් වල වෙනසක් පැවතිම හේතුවෙන් ප්‍රශ්ණ එම වාට්ටුව භාර හෙද නිළධාර්නිය විසින් නාන කාමරය පරීක්ෂා කර පසුව කානු පරීක්ෂා කිරීමේදි බිහි කර පැයකට ආසන්නව සිටි බිලිදා කානුවක සිරවි මිය ගොස් සිටියදී සිරුර සොයා ගැනිමට හැකිවු බව කියයි. කෙසේ නමුත් මෙම ස්පා තරුණ කාන්තාව තමන් බිලිදෙකු බිහිකල බව වසන් කර ඇති බව කියයි. පසුව එම ඒකකය භාර හෙද නිළධාර්ය විසින් රෝහල් අධ්‍යක්ෂවරයා දැනුවත් කර ඒ වන විටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මෙම සැකකාර තරුණ කාන්තාව අත් අඩංගුවට ගැනිමට කටයුතු කර තිබුනී.

අත් අඩංගුවට ගත් මෙම සැකකාරිය පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් බිලිදා මරණය සම්බන්ධයෙන් පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් ටී.එම්.ඉන්දික තෙන්නකෝන් මහතාගේ විසින් අදාල ස්ථානය පිළිබදව මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදු කිරීමේන් පසු බිළිදු මළ සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිර්ම සදහා පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන ලෙස පොලිසියට නියෝග කර තිබුනී.

උපාධිධාරී වුණත් විද්‍යාපීඨ වුණත් ආයේ ගුරුවරු බඳවා ගන්නේ මෙහෙමයි

උපාධිධාරී වුණත් විද්‍යාපීඨ වුණත් ආයේ ගුරුවරු බඳවා ගන්නේ මෙහෙමයි