තෙල් මිල වැඩි වෙන එක නතර කරන්න බෑ, අපිත් යුද්ධෙට මැදිහත් වෙන්න ඕනේ [VIDEO]

Report

මේ වන විටත් උණුසුම් තත්ත්වයක් ගෙන ඇති ඉරාන ඊශ්‍රායල යුද්ධය නිසා ප්‍රතිවිපාක ලැබෙන්නේ ඒ රටවල ජනතාවට පමණක් නොවන බව බිමල් රත්නායක අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ලෝක යුද්ධයක් අස්සේ පුතාගේ මගුල ගැන වද වෙන අගමැති

ලෝක යුද්ධයක් අස්සේ පුතාගේ මගුල ගැන වද වෙන අගමැති

ඒ අනුව යුද්ධයේ ප්‍රතිවිපාක ලෙස තෙල් මිල ඉහළ යා හැකි බවත් සිදුවෙන ආර්ථික ප්‍රතිවිපාක අපට නැවැත්විය නොහැකි බවත් ඔහු සඳහන් කළා.

එසේම ඔහු පැවසුවේ එම යුද්ධයෙන් ශ්‍රී ලංකිකයන් වශයෙන් රට බේරා ගැනීමට අවශ්‍ය නම් අප ද ඒ සඳහා මැදිහත් විය යුතු බවයි.

මෙවැනි යුධමය තත්ත්වයකදී ලෝකයේ සිටින සෑම රටකම වගකීම වන්නේ යුද්ධය තවදුරටත් පැතිරීමට උඩගෙඩි දීම නොවන බවද ඔහු පැවසුවා.

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

හොඳයි අපි බලාගමු..මේ ආණ්ඩුව නැති වුණ දාට වැඩේ දෙන්නම්..සාරංගිකාට තර්ජන

ඒ අනුව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,

'' මේ යුද්ධයෙන් අති දැවැන්ත අමානුෂික ඝාතන කරනවා. ඒ කිසිම ඝාතනයකට විරුද්ධව විශේෂයෙන්ම එක්සත් ජනපද නායකයා කිසිසේත් ඒ ගැන සළකන්නෙ නෑ. මේකෙ ප්‍රතිවිපාක තියෙනවා. අපි උනන්දු වෙනවා ඒ රටවල් දෙකේ ඉන්න අපේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න. ඒවගේම මේකෙන් තෙල්මිල ඉහළ යන්න පුළුවන්.

නිවාස ඇමති සජිත් – බිලියන 30ක ණය බෙදා, ප්‍රමුඛතාවය හම්බන්තොටට

නිවාස ඇමති සජිත් – බිලියන 30ක ණය බෙදා, ප්‍රමුඛතාවය හම්බන්තොටට

අපිට මේ යුද්ධෙන් ඇතිවෙන මහා විශාල සමාජ ප්‍රතිවිපාක, ආර්ථික ප්‍රතිවිපාක නතර කරන්න පුළුවන්කම තියෙන්නේ ඒකාබද්ධ ප්‍රවේශයකින් විතරයි. රටවල නායකයෝ වගකිව යුත්තන් ලෙස හැසිරෙන්න ඕනේ. අපි ස්වෛරී රාජ්‍යක් විදිහට මේ යුධ උන්මාදකරුවන්ගේ පැත්ත ගන්නෙ නැතුව මේ යුද්ධෙ නතර කරන්න අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේ අපි කරන්න ඕනේ." යනුවෙන්.

ජීවනී, ඉන්සියුලීන් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ 15ක් කොහෙවත් නෑ

ජීවනී, ඉන්සියුලීන් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ 15ක් කොහෙවත් නෑ