ඝාතනය වූ ප්‍රා.ස. මන්ත්‍රීගේ දේහය නිවසට - සැකකරුවන් අධිකරණයට
පසුගිය දින මීගොඩ ආටිගල පාර ප්‍රදේශයේදී හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු ඝාතනයට ලක්කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් අද (13) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඒ වගේම ඝාතනයට ලක්වූ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ දේහය ඊයේ (12) රාත්‍රී පාදුක්ක වටරැක සෝමරතන මාවතේ පිහිටි ඔහුගේ නිවසට රැගෙන විත් ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන සිකුරාදා සිදුකිරීමට නියමිත බව සදහන්.
ඊයේ දහවල් 1.10ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් ශාන්ත මුදුන්කොටුව හෙවත් 'බනා මන්ත්‍රී' නම් 46 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණි. ඔහු හෝමාගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභිකයෙකි. තවත් පක්ෂ කිහිපයක්ම නියෝජනය කර හිටපු මන්ත්‍රීවරයා ඉඩම් ලබාගැනීම, විකිණීම් හා ඉදිකිරීම් අංශයේ ව්‍යාපාරික කටයුතුවල නිරත වූ අයෙකි.
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් ඔහු මීට දින කිහිපයකට ඉහතදී මීගොඩ පොලීසියට ගොස් පැමිණිල්ලක් ද ගොනුකර තිබුණි. එසේම'බස් ලලිත්' නැමැත්තා මෙම ඝාතනය සිදුකර ඇති බවටත් පොලීසිය සැක පළකරයි.
කෙසේ වෙතත් වෙඩි තැබීමත් සමඟ ක්ෂණිකව ක්‍රියාත්මක වූ පොලීසිය මාර්ග බාධක යොදා රථවාහන පරීක්ෂා කිරීමක් කර තිබූ අතර එහිදි තලංගම, පාලම්තුන හංදිය ප්‍රදේශයේදී වෙඩික්කරු පැමිණි මෝටර් රථය සහ එහි රියදුරුද, වෙඩිතැබීමට භාවිත කළ බවට සැකකෙරෙන මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවිය ද තලංගම පොලිස් භාරයට ගෙන තිබුණි. අනතුරුව අදාළ රියදුරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමෙන් ලබාගත් තොරතුරු අනුව වෙඩික්කරු සහ තවත් අයෙකු ද ඊයේ පස්වරුවේ තලංගම, පාලම්තුන හංදිය අසලදී පොලීසිය අත්අඩංගුවට ගනු ලැබීය.
එහෙම තුවාල ලැබූ මන්ත්‍රී වහාම තම යතුරු පැදියෙන් ඉවතට පැන ළඟම නිවසකට ගොස් කාන්තාවකට අනේ මාව ඉස්පිරිතාලට ගෙනියන්නේ යැයි ප්‍රකාශයක් සිදුකර ඇතිබවද සදහන්.