අනියම් පෙමක පැටලුණු අයෙකු සිරුරට ගිණිතබා ගෙන මිය යයි..

Sri Lanka Jaffna the-body-catches-fire Kiyts
By Aruna Oct 29, 2021 05:06 AM GMT
Aruna

Aruna

Report

කයිට්ස් පොලිස් වසමේ පුංකුඩතිව් ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පිලිස්සුම් තුවාල සහිත ව යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ව මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 51ක පුංකුඩතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු හා අනියම් බිරිඳ අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙනුයි මෙම ගිනි තබාගැනීම සිදු වී ඇත්තේ.

සිද්ධිය පිළිබඳ කයිට්ස් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.

මේ අතර දුංගල්පිටිය පොලිස් වසමේ කැපුම්ගොඩ නැංගුරම්තොටුපොළ අසල වෙරළ තීරයට සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ගොඩ ගසා තිබෙනවා.

මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 30ත් 35ත් අතර පිරිමි පුද්ගලයෙක්.

මීගමු මහේස්ත්‍රාත්වරයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු ව මළ සිරුර පශ්චාත් මරන පරීක්ෂණය සඳහා මීගමු රෝහලේ තබා ඇති බවයි වාර්තා වෙන්නේ.

දුංගල්පිටිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවෙනු ඇති.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.