හිතා ගන්නවත් බැරි ගානකට කෑම හැදෙන ලෝකෙ ලොකුම මුළුතැන්ගෙය - ගොඩවෙලා නොමිලේම රස කෑම වේලක් කාලා එමු ද?. (VIDEO)

India
By krishani Sep 21, 2023 10:46 AM GMT
krishani

krishani

Report

ඔබ ඕනෑ තරම් ආහාර ලබා දෙන ස්ථාන දැක තිබ්බත් දවසකට ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ආහාර ලබා දෙන තැනක් දැකලා තියෙනවා ද?

අද අපි කියන්නේ එහෙම තැනක් ගැන.මේ තමයි ලෝකේ විශාලතම නිදහස් මුළුතැන්ගෙය.

මෙහි දවස පුරා එනම් පැය 24 පුරා ආහාර සැපයිම ක්‍රියාත්මක කර තිබෙනවා.ආගමික නිවාඩු දිනයන් හී මෙහි ආහාර ලබා ගැනීමට පැමිණෙන සංඛ්‍යාව දෙගුණ වේ.

ඉතිම් මේ නිදහස් මුළුතැන්ගෙය අපට හමු වන්නේ ඉන්දියානුවන් විසින් ගෝල්ඩන් ටෙම්පල් නමින් හදුන්වන ලෝකේ විශාලතම සික් සිද්ධස්ථානයෙන් ය.

මෙම සිද්ධස්ථානයට පැමිණෙන ඕනෑම අයෙකුට කිසිදු වෙනස්කමක් නොමැතිව,ආගමකට කොටු නොමැතිව නොමිලේ ආහාර පාන ලබා දෙනු ලබයි.

සික් දහම විසින් ලබාදෙන මේ ආහාරවේල නම් කරන්නේ ලන්ගාර් යනුවෙන් ය.එයට හේතුව මෙහි පැමිණෙන සියලු දෙනා එක සේ වාඩි වී එක සමාන භාජනවල ආහාර අනුභව කළ යුතුයි.

එනම් උස්පහත්කම්,කුලමල භේද,ආගම්වාද, වත්පොහොසත්කම් මෙහිදි වලංගු නොවන බැවිනී.

වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න,



ReeCha