රටේම අවදානයට ලක් වුණ දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී ඇතුළු සුපිරිම බස් 58ක් සම්බන්ධයෙන් ගත් විශේෂ තීරණය..
රටේම අවධානයට යොමු වූ බස් රථ 58ක් පොලිස් රථවාහන කොට්ඨාශය විසින් දැඩිලෙස අවවාද කර මුදාහැර තිබෙනවා.
ඒ අනතුරුදායක ලෙස මාර්ගවල ගමන් කිරිමත් සමගයි.
අද (02) පිටකොටුව ප්‍රදේශයට එම බස් රථවල හිමිකරුවන් කැඳවා තිබිණ.
ඒ ජනතාව විසින් සිදුකර තිබූ පැමිණිලිවලට අනුවයි.
මෙම බස් රථ අතර සමාජ මාධ්‍ය ඔස්සේ වඩා කතාබහට ලක්වන දම් රැජින, දුඹුරු ළමිස්සී සහ රෝස සමනලී යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන බස් රථ ද තිබී ඇත.
එහිදී බස් රථවල ඇති සියලු නීතිවිරෝධී කොටස් ඉවත් කිරිමට රථ වාහන පොලීසිය විසින් ඒවායේ හිමිකරුවන් සහ රියදුරන් වෙත අවවාද කර ඇත.
ඇතැම් බස් රථවල ඇතුළත සමාජ ශාලා ලෙස සකස් කර තිබූ අයුරු දැකගත හැකි විය.
එමෙන්ම තවත් බස් රථවල සාද පැවැත්වීම සඳහා වෙනම කොටසක් ද සකස්කර තිබෙනවා.
කෙසේ වෙතත්, නීති විරෝධී ලෙස බස් රථවල සකස් කර ඇති සහ දැඩි අනතුරුදායක ලෙස මාර්ගයේ බස් ධාවනය කරන්නන් හට ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් රථවාහන කොට්ඨාශය සඳහන් කළේ ය.
