කොවිඩ් අමතක වූ ජනතාව (VIDEO)

covid19 isolated quarantine travel reastriction
By Sewvandhi May 25, 2021 09:16 AM GMT
Report

සංචරණ සීමා ලිහිල්කර ඇති මෙම කාලසීමාව තුළ විශාල ජනතාවක් නගරාශ්‍රිත ප්‍රදේශවලට පැමිණෙමින් පවතින බව  වාර්තාකරුවන් පවසයි.

අද (25) උදෑසන 04.00 සිට රාත්‍රී 11.00 දක්වා සංචරණ සීමා ලිහිල් කිරීමක් සිදුකර ඇති අතර එම කාලය තුළ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදීගැනීම සඳහා නිවසකින් එක් අයෙකුට පමණක් ළඟම පිහිටි වෙළෙඳසැලට පා ගමනින් යෑමේ අවස්ථාව පවතී.

එහෙත් මේ වනවිට ප්‍රධාන නගරවලට ජනතාව විශාල වශයෙන් එක්රැස්වෙමින් පවතින බවත් එය බරපතළ ගැටලුවක් බවත් පොලිසිය සඳහන් කළේය. 



 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now