ලංකා බැංකුවෙන් හදිසියේම සිය ගණුදෙනුකාරභවතුන් වෙත විශේෂ දැනුම්දීමක් - එම නිවේදනය මෙතනින්. (PHOTO)
The Bank of Ceylon
Sri Lanka
By krishani
ලංකා බැංකුව විසින් සිය ගනුදෙනුකාරභවතුන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනය සඳහන් වන්නේ ඔබට යම් ආකාරයකින් ලැබී ඇතැයි පවසන තැපැල් භාණ්ඩයක් ගෙන්වා දීම සඳහා ඔබගේ කාඩ්පත් විස්තර, 0TP අංකය සහ ගිණුම් විස්තර වෙබ් අඩවියකට ඇතුලත් කරන ලෙස දන්වා වංචනිකව සංසරණය වන SMS පණිවිඩයක් ලැබී ඇත්නම් ඒ පිළිබඳව ඉතා විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි.
එමෙන්ම එවැනි නොදන්නා වෙබ් අඩවි වෙත ඔබගේ ගිණුම්/ කාඩ්පත්/රහස්‍ය අංක ඇතුලත් කිරීමෙන් වළකින ලෙස ලංකා බැංකුව සිය ගණුදෙනුකාරභවතුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

