අවාසනාවන්ත ලෙස ඝාතනය වූ 21ක් හැවිරිදි තරුණයා.

Sri Lanka Police Crime Death Murder
By Wayomi Feb 27, 2024 03:49 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ (26) හබරාදූව කහවැන්නගම, අම්පිටිය ප්‍රදේශයේදී තරුණයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා.

එම පිරිස විසින් අදාළ තරුණයාට අතින් පයින් සහ මුගුරුවලින් පහරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස පහරදීමෙන් මියගොස් ඇත්තේ, මිහිරිපැන්න, තල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක්.

ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හයදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු කහවැන්නගම, තල්පේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් හබරාදුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. 

ReeCha