උසස් පෙළට සූදානම් වෙන්න - අයදුම්පත් කැඳවීම අද සිට

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E.(A/L) Examination Sinhala news Breaking News
By Shehan Jun 26, 2025 04:25 AM GMT
Shehan

Shehan

Report

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් කැඳවීම අද (26) සිට ආරම්භ වේ.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන පරිදි, අද සිට 2025 ජුලි 21 වැනිදා දක්වා මාර්ගගතව අයදුම්පත් කැඳවීම සිදු කෙරේ.

මෙක්සිකෝ ආගමික උත්සවයේ උණුසුම - වෙඩි තැබීමකින් 12ක් මරුට

මෙක්සිකෝ ආගමික උත්සවයේ උණුසුම - වෙඩි තැබීමකින් 12ක් මරුට

ඒ අනුව, සියලුම පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පති යටතේ ද, පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද, අදාළ උපදෙස් අනුගමනය කරමින් මාර්ගගතව අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.

පෞද්ගලික අයදුම්කරුවන් මෙම විභාගයට අයදුම් කිරීම සඳහා තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

පොළොන්නරුවේ බස් ගැටුමක් - වර්ජනයකුත් අරඹයි

පොළොන්නරුවේ බස් ගැටුමක් - වර්ජනයකුත් අරඹයි

ඒ සම්බන්ධ උපදෙස් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ (www.doenets.lk) දක්වා ඇති බවද එම නිවේදනයේ සඳහන්ය.

2025 ජුලි 21 වැනිදා මධ්‍යම රාත්‍රී 12.00න් පසු අයදුම්පත් ඉදිරිපත් කිරීමට නොහැකි වන අතර, කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරියගේ මාධ්‍ය නිවේදනයේ දැක්වේ. 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2025 නොවැම්බර් 10 වැනිදා සිට දෙසැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

රටේ සියලුම පාසල්වලට විශේෂ නිවේදනයක්

www.doenets.lk

ReeCha