තලවතුගොඩ කළඹමින් දැවැන්ත කොල්ලයක් - රුපියල් හය කෝටි පනස් ලක්ෂයක මුදලක් සහ රන් භාණ්ඩ කොල්ල කයි
තලවතුගොඩ ප්‍රදේශයේ සංචාරක නියෝජිත ආයතනයකට පැමිණි පුද්ගලින් සිව් දෙනෙකු විසින් එහි තිබූ මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් ඇති බව සඳහන්.
ඒ අනුව පොලීසිය පවසා ඇත්තේ, කොල්ලකරුවන් එහි තිබූ රුපියල් හය කෝටි පනස් ලක්ෂයක මුදලක් සහ රන් භාණ්ඩ කොල්ල කා ඇති බවයි.
එසේම තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ආයතනය වෙත කොල්ලකරුවන් ඊයේ (01) දින පස්වරුවේ මෝටර් රථයකින් පැමිණ ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇති බව සඳහන්.
ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තලංගම පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.