ලසන්ත-තජූඩීන් ඇතුළු ආන්දෝලනාත්මක ඝාතන රැසක් යලි ගොඩගනී.
Government Of Sri Lanka
Crime
AKD
By Wayomi
පසුගිය රජයන් සමයේ සිදුවූ ආන්දෝලනාත්මක ඝාතනයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනමින් සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පවසා ඇත්තේ,ඊට අදාළ සියලු තොරතුරු නුදුරේදීම එළියට ගන්නා බවයි.
එමෙන්ම ලසන්ත වික්‍රමතුංග වසීම් තාජුඩීන් ඝාතන මෙන්ම ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීමේ සිදුවීම ඇතුළු සිදුවීම්වල සියල්ල තොරතුරු එළියට ගන්නා බවද ඔහු පවසා ඇත.
ඒ අනුව දේශපාලන මැදිහත්වීමකින් තොරව මෙම පරීක්ෂණ මතුකර ගැනීමට ජනාධිපතිවරයා පොලිසියට බලය පවරා ඇති බවද ඔහු පවසා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පරීක්ෂණ සිදු කිරීමේදී තොරතුරු සැඟවූ තැන් මතු කිරීමට පමාවක් සිදුවුවත් අදාළ සැකකරුවන් නීතිය හමුවට ගෙන එන බවද ඔහු සඳහන් කර තිබෙනවා.