කඩාවැටෙන වෙළඳපොලක විදේශීය අලෙවිය උණුසුම් වෙයි
කොළඹ කොටස් වෙළඳපොළ පසුගිය ජුනි 12 වැනිදා සිට ක්‍රමිකව පහළ යමින් පවතින බව වාර්තා වේ.
කෙසේ නමුත්, ඊයේ (23) ගනුදෙනු දත්ත විමසීමේදී දැකගත හැකි වූයේ, කොළඹ කොටස් වෙළඳපොළේ විදේශීය මිලදී ගැනීම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.
සොෆ්ට්ලොජික් කොටස් තැරැව්කරුවන්ගේ වාර්තාවලට අනුව, ඊයේ දිනයේ විදේශීය මුදල් ගලනය පෙර දිනයට සාපේක්ෂව 263.55%කින් වර්ධනය වී ඇති බව සඳහන් වේ.
පසුගිය මාස කිහිපය තුළ අසාමාන්‍ය වේගයකින් වර්ධනය වූ කොළඹ කොටස් වෙළඳපොල මේ වනවිට පසුබාමින් සිටින අතර කොටස් මිල පහළ බසිද්දී විදේශීය ගනුදෙනුකරුවන් අඩු මිලට කොටස් මිලදී ගනිමින් සිටින බවක් මෙයින් පෙන්නුම් කෙරේ. නැවත වතාවක් කොටස් මිල එක්වරම ඉහළ යන්නට පටන්ගත් විට ඔවුන් මේ කොටස් වැඩිමිලට විකුණා තම මුදල් ඉවත් කරගනු දක්නට හැකිවනු ඇත.



