පොහොර සැඟවූවහොත් නිතිය දැඩිවෙයි
කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කරන්නේ පොහොර සගවා සිටින්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔවුන්ගේ බලපත්‍ර අහෝසි කරන බවත්ය.
ඒ, කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.
මේ අතර,අරලගංවිල - කජුවත්ත ප්‍රදේශයේ ගොවීන් චෝදනා කරන්නේ වී වපුරා දින 45ක් පමණ ගතව ඇතත් මෙතෙක් නිසි ආකාරයෙන් පොහොර ලබා ගැනීමට නොහැකි වූ බවයි.
එමෙන්ම බඩඉරිඟු සඳහා දැනට පවතින මිල ප්‍රමාණවත් නොවන බවට චෝදනා කරමින් ඌව වෙල්ලස්ස බඩඉරිඟු ගොවීන් සහ ව්‍යාපාරිකයින් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපිට ඊයේ (24) විරෝධතාවයක නිරත වුණා.