තත්පරයකට දස දෙනකුට දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව
තත්පරයකට තිදෙනකුට ශ්‍රී දළදා වහන්සේ වන්දනා කිරීමට මුලින් අවස්ථාව සලසා දීමට සැලසුම් කර තිබුණද,තත්පරයකට 09 ත් 10 ත් අතර පිරිසකට දළදා වහන්සේ වන්දනා කිරීමට අවකාශය සලසා ඇතැයි මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ පැවසුවේය.
මල්වතු අස්ගිරි මහනායක ස්වාමීන්වහන්සේලා සහ දියවඩන නිලමේවරයා නැවත සකස් කරන ලද පරිදි එකවරකට 09 ත් 10 ත් අතර පිරිසකට දළදා හිමියන් එකවර වන්දනා කිරීමට අවස්ථාව සලසා ඇතැයිද ඔහු කීවේය.
තත්පරයකට තිදෙනෙකුට දළදා වහන්සේ දැක්ම කළහොත් දවසේ පැය පහහමාරකට වන්දනා කිරීමට අවස්ථාව හිමිවන්නේ 54,000 කට පමණක් බවත්,දින 10 අවසානයේදී බැතිමතුන් ලක්ෂ පහහමාරකට පමණක් දළදා වහන්සේ වන්දනා කිරීමේ අවස්ථාව හිමිවන බවද ඔහු පැවැසුවේය.
තත්පරයකට 09 ක් 10 ක් අතර බැතිමතුන් පිරිසකට දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව ලබා දීමෙන්, දින දහයට ලක්ෂ 15 කට පමණ එම අවස්ථාව හිමිවන ඔහු කීවේය.
2009 වසරේ මාර්තු මස 06 වැනිදා 17 වැනිදා දක්වා පැවැති දළදා ප්‍රදර්ශනයේදී ලක්ෂ 15 ක් පැමිණියත් ඔවුන් සියලු දෙනාටම දළදා වහන්සේ වන්දනා කිරීමට නොහැකිවීම නිසා නොසන්සුන්තාවන් පවා ඇතිවූ බවත්, මෙවර එවැනි තත්ත්වයක් ඇති නොවන ලෙස කටයුතු කිරීමට කටයුතු යොදා ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
දළදා වහන්සේ දැක්ම සඳහා සකස් කර තිබෙන පෝලිම් තුන දළදා මාලිගාවේ මහ මළුවේදී තනි පෝලිමක් බවට පත්වන බවත්,වාහල්කඩ අසලදී පුනීල හැඩයට පෝලිම කෙටි වන බවත් ඔහු පැවැසීය.
මහමළුවට ඇතුළු කෙරෙන සියලු දෙනාටම දළදා වහන්සේ දැක ගැනීමට අවස්ථාව සලසන බවත්, ප්‍රදර්ශන කාලය අවසන් වුවද ඔවුන් නැවත පෝලිමට එකතු නොකරන බවත්, තවත් විනාඩි 10 හෝ 15 ක කාලයක් දීර්ඝ කර පස්වරු 5.45 පමණ දක්වා බැතිමතුන් වෙනුවෙන් දළඳා වහන්සේ ප්‍රදර්ශනය කරන බවත් ඔහු කීවේය.
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සහ ආබාධිත අයවලුන්ට බාධාවක් නොවන පරිදි රෝද පුටුවේ සිටම දළදා හිමියන් නැරඹීමේ අවස්ථාව සලසා ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා ඊයේ (17 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
