කියපු කොන්දේසියක් වහා ඉටු කරන්නැයි IMF වත්මන් රජයට දින දෙයි..
මූල්‍ය අක්‍රමිකතාවන්ට සම්බන්ධ රජයේ නිලධාරීන්ගෙන් අධිභාර අයකිරීමේ ක්‍රියාවලිය 2025 ජුනි 30ට පෙර ස්ථාපිත කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රජයට දැනුම් දී ඇත.
මෙය එම අරමුදලේ ප්‍රමුඛ කොන්දේසියකි.
මීට පෙර යෝජනා වී තිබුණේ, විගණකාධිපතිවරයාගේ නිර්දේශ මත නීතිපතිවරයා විසින් අධිභාර අයකිරීමට පියවර ගැනීමයි. නමුත්, දැන් යෝජනා වී ඇත්තේ, විගණකාධිපතිවරයාගේ නිර්දේශ ව්‍යවස්ථාදායක සභාව විසින් පත්කරන ස්වාධීන කමිටුවකට ඉදිරිපත් කර, එම කමිටුව මගින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමයි.
මෙම ස්වාධීන කමිටුවේ ප්‍රධානත්වයට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකු පත්කිරීමට නියමිත අතර, ජාතික විගණන කාර්යාලයේ නියෝජනයකින් තොරව, රාජ්‍ය මූල්‍ය ක්ෂේත්‍රයේ විශ්‍රාමික නිලධාරියකු, වරලත් ගණකාධිකාරී ආයතනයේ නිලධාරියකු ඇතුළු පස් දෙනකුගෙන් මෙම කමිටුව සමන්විත විය යුතු බව යෝජනා වී ඇත.
අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල සහ රජය සතු සමාගම්වල නිලධාරීන්ට මෙම ක්‍රියාවලිය අදාළ වේ. වර්තමාන නීති යටතේ, විගණකාධිපතිවරයාට අධිභාර අයකිරීමට නිර්දේශ කළ හැක්කේ පළාත් පාලන ආයතන, විශ්වවිද්‍යාල වැනි සීමිත ආයතන කිහිපයකට පමණි.
IMF නියෝජිතයන් මෙරටට පැමිණි සෑම අවස්ථාවකදීම, හිටපු විගණකාධිපති චුලන්ත වික්‍රමරත්න සමඟ මේ පිළිබඳ පෞද්ගලික සාකච්ඡා පවත්වා ඇත. එහිදී, ණය ලබාදීමට පෙර දූෂණයෙන් තොර ක්‍රියාවලියක් ස්ථාපිත කළ යුතු බව ඔවුන් අවධාරණය කර තිබේ.
