දළඳා ප්‍රදර්ශනයට මුදල් රැස් කිරීම බොරුවක් දළඳා මාළිඟාවෙන් නිවේදනයක්
Kandy
Sinhala news
By Dilasha
‘සිරි දළඳා වන්දනාව’ වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් දළඳා මාළිඟාව හා රජය විසින් සිදු කරන බව ඔවුන්ගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මහජනතාව දැනුවත් කර තිබේ.
දළඳා ප්‍රදර්ශනය වෙනුවෙන් කැමති පුද්ගලයෙක්ට ආධාර ලබා දිය හැකි බවත්,ආධාර මුදල් ලෙස ලබා දෙන පිරිසට බැංකු ගිණුමක තොරතුරු සඳහන් කරමින් එයට මුදල් බැර කරන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාජ දැන්වීමක් හුවමාරු වන බවත් ඔවුන් එම සටහනේ සඳහන් කර ඇති අතර දළඳා මාලිඟාව විසින් කිසිදු පුද්ගලයෙකුට හෝ සංවිධානයකට අරමුදල් එකතු කිරීමට මෙන්ම වෙනත් කිසිඳු සංවිධානය කටයුත්තක් පවරා නොමැති බවද සඳහන් වේ.
