ඉන්ස්ටර්ග්‍රෑම් සාදය පොලිසියෙන් කෙළවර වෙයි

Sri Lanka Police Sri Lanka Police Investigation Drugs Sinhala news
By Dilasha Mar 24, 2025 03:10 AM GMT
Dilasha

Dilasha

Report

පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක් තුළ ඊයේ (23) රාත්‍රී කාලයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඉන්ස්ටග්‍රෑම් සාදයක් පවත්වා ඇති බව වාර්තා වේ.

පමුණුගම පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත එම ස්ථානය වැටලීමක් සිදු කර ඇති අතර එහි රැඳී සිටි සැකකාරියන් 07 දෙනෙකු සහ සැකකරුවන් 34 දෙනෙකු ද සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සියලුම ගැහැණු දරුවන් සහ කාන්තාවන් ගැන හරිනි ගත් තීරණය

සියලුම ගැහැණු දරුවන් සහ කාන්තාවන් ගැන හරිනි ගත් තීරණය

ඒ අනුව, මෙම සාදයට සහභාගි වූ තරුණයන් හා තරුණයින් අයිස් මත්ද්‍රව්‍ය හා ගංජා පානය කරමින් සිට ඇති අතර, අයිස් මත්ද්‍රව්‍ය සහ කේරළ ගංජා සමඟ සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙම සාදය පැවැත් වූ හෝටලයේ හිමිකරු ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 200ක් සමඟින් ඔහුව ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 18ත් 35ත් අතර වයස්වල පසුවන කොළඹ තදාසන්න ප්‍රදේශ වල පදිංචිකරුවන් බව වාර්තා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. 


රාජ්‍ය සේවයෙන් ඉවත් නොවී සා පෙළ විභාග රාජකාරී වල නියැළෙන පළාත් මැතිවරණ අපේක්ෂකයන්

රාජ්‍ය සේවයෙන් ඉවත් නොවී සා පෙළ විභාග රාජකාරී වල නියැළෙන පළාත් මැතිවරණ අපේක්ෂකයන්

ReeCha