බස් රියැදුරන්ට මින්පසු බේරිල්ලක් නෑ. - ඔවුන් ගැන තීරණයක් ගන්න - මගීන්ට ලැබෙන අයිතිය මෙන්න.

Srilanka Bus
By Wayomi Apr 15, 2024 12:50 AM GMT
Wayomi

Wayomi

Report

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මාර්ග නීති උල්ලංඝනය කරන බස් රියැදුරන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා 1955 ක්‍ෂණික ඇමතුම් අංකය පැය 24 පුරා ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන්ම උත්සව සමයේදී බස් රථ නිසා සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා බස් රථ හිමියන් සහ රියැදුරන් දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බවයි එම කොමිෂන් සභාවේ,වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන කියා සිටියේ.

මේ අතර අනාරක්ෂිත හා නොසැලකිලිමත් බස් රථ ධාවනයෙන් යම් අයෙක් පීඩාවට පත්වන්නේ නම් දැනුම් දෙන ලෙසද දැනුම් දෙනවා.

1955 අංකයට අමතරව info@ntc.gov.lk ඊ මේල් ලිපිනයට සහ 0112 503725, 0112 058138 ෆැක්ස් අංකවලට ද මෙවැනි තොරතුරු ලබා දිය හැකියි.