ජංගම දුරකථන භාවිත කරන සැමට අසුබ ආරංචියක්
රජය පසුගියදා ආනයන භාණ්ඩ රැසකට සීමා පැනවීම හේතුවෙන් තමන්ට මෙන්ම පාරිභෝගිකයින්ට ද අසීරුතා රැසකට මුහුණපෑමට සිදුව ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකිණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන හා විකිණුම්කරුවන්ගේ සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා.
"රජය නව ආනයන ප්‍රතිපත්ති වලට එක් කරලා තියෙනවා ලිතියම් අයන් බැටරීස් සහ බැටරි වර්ග කිසිම දෙයක් ආනයනය කරන්න බෑ කියලා. මේ වනවිට ලංකාව තුළ කිසිම බැටරියක් නිපදවන්නේ නෑ ලිතියම් අයන් මොබයිල් ෆෝන් බැටරීස්.
එතකොට මොබයිල් ෆෝන් බැටරි එකක් කොහොමද අපි මිල දී ගන්නේ. මහ බැංකු අධිපති පවසනවා දැන් සිදුවෙන්නේ ඉදිරියේදී දුරකථන ගෙන්වීම සීමා කරනවා ඒක හින්දා තියෙන දුරකථනය අලුත්වැඩියා කරලා පාවිච්චි කරන්න කියලා. ඉතින් ඒ අලුත්වැඩියා කරන්නත් අපිට බැටරිය ගන්න තැනක් නෑ.
දුරකථන බැටරීස් ගණයටම තමයි solar බැටරීස් වැටෙන්නෙත්. ඉතින් ඒ බැටරිය ගෙන්නන් බැරි නම් solar pannel එක ගහගෙන දවල්ට ලයිට් දාගෙන ඉන්නද කියලා මේ රජය කියන්නේ නියලා අහන්න සිද්ධවෙනවා ඉතින්."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |