Telegram හරහා මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Report

පරිගණක අපරාධ විමර්ශන අංශයේ වයඹ පළාත් උප ඒකකය විසින් අන්තර්ජාලය හරහා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ වගේම මෙම සැකකරු වයස අවුරුදු 31ක් වන වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනුයේ අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමට හැකි බව පවසමින් වංචනික ලෙස ගිණුමකට මුදල් බැර කරගැනීමක් සම්බන්ධයෙන්  ලැබී තිබූ පැමිණිල්ලකට අනුවය.

ඒ අනුව සිදුකරන ලද විමර්ශනයේදී, පැමිණිලිකරු රවටා Telegram සමූහයක් වෙත සම්බන්ධ කරගනිමින් රුපියල් 6,860,000ක මුදලක් වංචා කර ඇති වග අනාවරණය විය.

හිටපු කථානායක අශෝක රන්වල මුහුණදුන් රිය අනතුර ගැන තවත් දර්ශන පෙළක්

හිටපු කථානායක අශෝක රන්වල මුහුණදුන් රිය අනතුර ගැන තවත් දර්ශන පෙළක්

තවද එම වංචාකරන ලද මුදලින් රුපියල් 500,000ක මුදලක් සැකකරු තම බැංකු ගිණුමට බැර කරගෙන ඇති බවත් හෙළිව තිබේ .

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඹ පළාත් උප ඒකකය විසින් තව දුරටත් විමර්ෂන කටයුතු සිදු කරයි .  

දිට්වා නිසා ජනතාවට වඩා විපක්ෂය අසරණ වෙලා - විපක්ෂයට බිමල් දාපු කින්ඩිය

දිට්වා නිසා ජනතාවට වඩා විපක්ෂය අසරණ වෙලා - විපක්ෂයට බිමල් දාපු කින්ඩිය