උසාවියට ගිහින් මෙහෙම කළොත් ඉවරයි - තාත්තා සාක්ෂි දෙද්දි දුව කරපු දේ නිසා අත්අඩංගුවට

Report

නඩු කටයුත්තකට පැමිණි සිය පියා සාක්ෂි ලබාදෙන අයුරු දුරකථනයෙන් වීඩියෝ කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් තරුණියකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (24) දින රුපියල් දහසක දඩයක් නියම කර ඇත.

ඒ කොළඹ ප්‍රදේශයේ පදිංචිකාර තරුණියකටයි.

අඳාළ විත්තිකාර තරුණියගේ පියා නඩු කටයුත්තක් වෙනුවෙන් කොළඹ අංක දෙක අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සාක්ෂි ලබාදෙන විටදී විත්තිකාර තරුණිය එම සිද්ධිය සිය අතැති ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට දන්වා තිබුණා.

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

65ට අඩු විශ්‍රාම ලබා ඇති මේ රාජ්‍ය නිලධාරීන් නැවතත් සේවයට

ඒ අනුව විත්තිකාර තරුණිය වීඩියෝ ගත කරනු දැක ඇති අධිකරණය භාර පොලිස් නිලධාරියා ඇය සතු ජංගම දුරකථනය හා සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන කෙසෙල්වත්ත පොලිසිය වෙත ඉදිරිපත් කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළා.

එම සිද්ධියට අඳාළ නඩුව අද අධිකරණය හමුවේ කැඳවූ විටදී වරද පිළිගැනීම නිසා ඇයට රුපියල් දහසක දඩයක් නියම කළ අතර ⁣යළි මෙවැනි නීති විරෝධී ක්‍රියාවන් සිදු නොකරන ලෙසට අවවාද කර ඇත.

සිද්ධියට අඳාළ වීඩියෝව දුරකථනයෙන් මකා දමන ලෙසද අධිකරණයෙන් සැකකාර තරුණියට නියම කර තිබෙන බව වාර්තා වේ.

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති මෙන්ම පොලිස්පතිවරයා ද ඉල්ලා අස්විය යුතුයි - ගම්මන්පිලගෙන් මාධ්‍ය නිවේදනයක්

මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති මෙන්ම පොලිස්පතිවරයා ද ඉල්ලා අස්විය යුතුයි - ගම්මන්පිලගෙන් මාධ්‍ය නිවේදනයක්

නොරොච්චෝලේ බලාගාරය කැඩෙයිද? බාල ගල්අඟුරු නිසා මාර්තු 1 සිට රටේ විදුලියට ලොකු පහරක්

නොරොච්චෝලේ බලාගාරය කැඩෙයිද? බාල ගල්අඟුරු නිසා මාර්තු 1 සිට රටේ විදුලියට ලොකු පහරක්