ජපානයෙන් ලොවම කළඹන නිවේදනයක් - දෙවන ලෝක යුද්ධයෙන් පසු පළමු වරට වෙනස් වූ නීතිය

Report

දශක ගණනාවක් පුරා ජපානය පනවා තිබූ අවි අපනයන සීමාවන් ලිහිල් කිරීමට එරට රජය පියවර ගෙන ඇත. ඒ ඔස්සේ ලෝකයේ රටවල් රැසකට අවි ආයුධ අලෙවි කිරීමට ජපානයට දැන් අවස්ථාව උදා වී තිබෙන බව සඳහන්.

ඒ අනුව අද (21) දින සිදුකර තිබෙන මෙම නිවේදනය, දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපානය අනුගමනය කළ 'සාමකාමී ආරක්ෂක ප්‍රතිපත්තියේ' සන්ධිස්ථානයක් වශයෙන් සැලකේ.

මේ වනතෙක් ජපානයට අවි අපනයනය කළ හැකි වූයේ සහන සේවා, ප්‍රවාහන, අනතුරු ඇඟවීම්, නිරීක්ෂණ සහ බිම් බෝම්බ ඉවත් කිරීම යන අංශ පහකට පමණක් වුවත් මෙම නව තීරණයත් සමඟ එම සීමාවන් ඉවත් වන අතර, අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු ආරක්ෂක ගිවිසුම් පවතින රටවල් 17කට මාරාන්තික අවි ආයුධ අලෙවි කිරීමට ජපානයට මින් ඉදිරියට හැකියාව ලැබෙයි.

ජපානයේ තත්ත්වය භයානකයි - මුළු රටම කළඹමින් තවත් දැවැන්ත භූ කම්පාවක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

ජපානයේ තත්ත්වය භයානකයි - මුළු රටම කළඹමින් තවත් දැවැන්ත භූ කම්පාවක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

මේ අතර ජපන් අගමැතිනී සනයි තකයිචි සිය 'X' ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, "වර්තමානයේ පවතින දරුණු ආරක්ෂක පරිසරය හමුවේ කිසිදු රටකට තනිවම තම සාමය සහ ආරක්ෂාව තහවුරු කරගත නොහැකියි," බවයි.

කෙසේ වුවද වසර 80ක් පුරා ජපානය අනුගමනය කළ සාමකාමී මූලධර්මවල කිසිදු වෙනසක් සිදු නොවන බවත්, අවි හුවමාරුවේදී දැඩි පරීක්ෂාවකට ලක් කරන බවත් ඇය අවධාරණය කර තිබෙනවා.

එසේම ජපානයේ මෙම පියවර පිළිබඳව චීනය සිය දැඩි අප්‍රසාදය පළ කර ඇති අතර ජපානය "නොසැලකිලිමත් ලෙස මිලිටරිකරණය" කරා යොමු වීම පිළිබඳව තමන් දැඩි අවධානයෙන් පසුවන බව ද චීන විදේශ අමාත්‍යාංශය දැනුම් දී ඇත.

බදාදා සවසින් සටන් විරාමය අවසන් - ලොවම තැති ගන්වමින් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

බදාදා සවසින් සටන් විරාමය අවසන් - ලොවම තැති ගන්වමින් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

මේ අතර දකුණු කොරියාවද මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ, ජපානයේ ආරක්ෂක ප්‍රතිපත්තිය කලාපීය සාමයට සහ ස්ථාවරත්වයට දායක වන අයුරින් මෙන්ම ඔවුන්ගේ ජීවගුණය ආරක්ෂා වන අයුරින් සිදුවිය යුතු බවයි.

1947 දී ලියැවුණු ජපාන ව්‍යවස්ථාවේ 9 වන වගන්තියෙන් ජාත්‍යන්තර ආරවුල් විසඳීමට යුද්ධය භාවිතා කිරීම ප්‍රතික්ෂේප කර තිබුණ ද චීනය, රුසියාව සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන හමුවේ එම නීති වෙනස් විය යුතු බව පාලක පක්ෂයේ මතය වී තිබෙනවා.

ඒ අනුව මෙම නව නීති ප්‍රකාශයට පත් කරන ලද්දේ අමෙරිකාව සහ පිලිපීනය එක්ව පවත්වන වාර්ෂික යුද අභ්‍යාස සඳහා ජපාන ස්වයං ආරක්ෂක බලකාය පළමු වරට සක්‍රීය සටන්කරුවන් වශයෙන් එක්වන පසුබිමක‍යි.  

ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දු - දකුණු කොරියානු නායකයන්ගේ කැමැත්ත

ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීමට ඉන්දු - දකුණු කොරියානු නායකයන්ගේ කැමැත්ත

රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට - අසතුටුදායක තත්ත්වයක් ගැන ජී.එල් කට අරී

රනිල්ට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනකු රහස් පොලිසියට - අසතුටුදායක තත්ත්වයක් ගැන ජී.එල් කට අරී