සියලු දෙනා ප්‍රවේශම් වෙන්න - අද කාලගුණය දරුණු අතට

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (22) පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත්, අම්පාර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇත.

ලංකාව ගැන නරක වාර්තාවක් - ආහාර, බලශක්ති, ප්‍රවාහන වියදම් ගිනි ගණන් වීමෙන් උද්ධමනය අහස උසට නගී

ලංකාව ගැන නරක වාර්තාවක් - ආහාර, බලශක්ති, ප්‍රවාහන වියදම් ගිනි ගණන් වීමෙන් උද්ධමනය අහස උසට නගී

මීට අමතරව මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී ද වැසි ඇති වීමේ හැකියාවක් පවතී.

අලුයම් කාලයේදී මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත්; ගාල්ල, මාතර, කළුතර, වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇති විය හැකි බැවින්, ඉන් සිදුවන හානි අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් දිවයිනට , හේතුව මෙන්න

ඉන්දීය නාවික හමුදාවට අයත් යුද නෞකාවක් දිවයිනට , හේතුව මෙන්න