ලෝකෙම හඬවමින් සාමය පස්සට යයි? ඉරානය මේ සාකච්ඡාවලට සහභාගී වීම ගැන තවමත් තීරණයක් ගෙන නැහැ
By Kaushi
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වීමට නියමිත නව සටන් විරාම සාකච්ඡා වටයට සහභාගී වීම සම්බන්ධයෙන් ඉරානය මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව ඉරාන විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ, අදාළ සාකච්ඡා සඳහා සහභාගී වීම පිළිබඳව තවමත් සලකා බලමින් පවතින බවයි.
කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින සති දෙකක තාවකාලික සටන් විරාමය හෙට (22) දිනයෙන් අවසන් වීමට නියමිතව ඇත.
ඒ අනුව කලාපීය නිලධාරීන් මීට පෙර පවසා තිබුණේ බදාදා දිනයේදී ඉස්ලාමාබාද්හිදී දෙපාර්ශවය අතර තීරණාත්මක සාකච්ඡා පැවැත්වෙනු ඇති බවයි.